Local News
ඩොලරයේ අගය තවදුරටත් පහතට.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද තවදුරටත් අඩු වී තිබෙනවා. ඒ අනුව අද (07) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 313.77ක් ලෙස හා විකුණුම් මිල රු. 331.05ක් ලෙසයි සටහන්ව ඇත්තේ. පසුගිය මාර්තු 03 වනදා දිනයේ දී ඩොලරයක ගැනුම් මිල රු. 318.30ක් ලෙස හා විකුණුම් මිල රු. 335.75ක් ලෙසත් වාර්තාවී තිබුණා.