Connect with us

Breaking News

ටෝකියෝවට සුනාමි

Published

on

ජපානයේ ටෝකියෝ සහ ඒ අවට ප්‍රදේශවලට රිච්ටර් මාපක 5.3 ක භූමිකම්පාවක් ඇති වූ බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසනවා.

ඒ පැසිෆික් සාගරයේ දැවැන්ත භූමිකම්පාවක් ඇතිවීමේ අවදානම පිළිබඳව රජය විසින් ප්‍රථම වරට අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමෙන් දිනකට පසුවයි.

මේ නිසා සුනාමි අනතුරු ඇඟවීමකින් තොරව ටෝකියෝ අගනුවරට සහ Kanagawa, Saitama, Yamanashi සහ Shizuoka ප්‍රාන්තවලට ප්‍රබල කම්පනයක් පිළිබඳ රජය හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

එම අනතුරු ඇඟවීමත් සමඟ ටෝකියෝ නගරයේ ගොඩනැගිලි දෙදරුම් කා ඇති අතර ටෝකියෝ මෙට්‍රෝ කෙටි කාලයකට නතර කර තිබෙනවා.

භූමි කම්පාවේ බලපෑමෙන් කනගාවා ප්‍රාන්තයේ බටහිර කොටස දැඩි ලෙස බලපෑමට ලක් වී ඇති නමුත් සිදු වූ හානිය පිළිබඳව ක්ෂණිකව වර්තා ලැබී නැති බවයි රොයිටර්ස් පුවත් සේවය පවසන්නේ.

Continue Reading