Connect with us

Local News

ජෙෆ්රි බාවා පදනමට බදු පදනම මත අක්කර 5ක්

Published

on

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොලොන්තලාව‌ ගොවිපොළෙහි කළමනාකාර නිල නිවස ශ්‍රී ලංකාවේ සුප්‍රකට වාස්තු නිර්මාණ ශිල්පියෙකු වන දේශමාන්‍ය ජෙෆ්රි බාවා මහතා විසින් නිර්මාණය කරනු ලැබ ඇත.

එකී නිල නිවස සහ එය පිහිටි අක්කර 05ක පමණ ඉඩම් කොටසක් බදු පදනම මත ලබා දෙන ලෙස ජෙෆ්රි බාවා පදනම විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව, පොලොන්තලාව‌ ගොවිපොළෙහි කළමනාකාර නිල නිවස සහ එම නිල නිවස පිහිටි අක්කර 05ක ඉඩම් කොටසක් බදු පදනම මත ජෙෆ්රි බාවා පදනම වෙත ලබා දීම පිණිස කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Continue Reading