Connect with us

Local News

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සුබ පණිවිඩයක්

Published

on

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හදිසි ණයක් ප්‍රධානය කිරීම කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මූලික එකගතාවයකට පැමිණ ඇති බවත් හෙට දිනයේ දී ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බවත් රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. රොයිටර් පුවත් සේවය වැඩි දුරටත් සඳහන් කරන්නේ, දශක හතකට වැඩි කාලයක් තුළ මුහුණ දෙන දරුණුතම ආර්ථික අර්බුදය සමඟ පොර බදමින් සිටින ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙතින් ඩොලර් බිලියන 3ක් ඉල්ලා සිටින බවයි. මේ අතර ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර යම් එකඟතාවක් ඇති වී තිබෙන බව වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේ දී අද කියා සිටියා. කෙසේ නමුත් ඉදිරි පැය 12 තුළ මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමට රජය අත්සන් තැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.