Local News
චීනයෙන් රු.මිලියන 400ක මානුෂීය ආධාර
චීන රජය විසින් මෙරටට රුපියල් මිලියන 400ක වටිනාකමකින් යුත් මානුෂීය ආධාර ද්‍රව්‍ය තොගයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ, පසුගිය දිනවල මෙරට තුළ ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ සුබසාධනය වෙනුවෙන්.
චීන තානාපති කාර්යාලය මේ බව සිය X ගිණුමේ සටහනක් තබමින් දැනුම් දෙයි.
අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් පසුගිය 22 වනදා ද චීන රජය පරිත්‍යාග කළ රුපියල් මිලියන 30ක (USD 100,000) මුදලට අමතරව මෙම ආධාරය සිදු කර තිබෙනවා.

