Connect with us

Breaking News

ගුවන් යානා දෙකක් එකිනෙක ගැටේ

Published

on

ඇට්ලන්ටා හි කාර්යබහුල හාර්ට්ස්ෆීල්ඩ්-ජැක්සන් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගුවන් ගත වීමට සූදානම් වූ ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී තිබෙනවා.

මෙම ගුවන් යානා දෙකම ඩෙල්ටා ගුවන් සේවයට අයත්.

Delta Airbus A350 යානයේ පියාපත් එන්ඩෝවර් එයාර්ලයින්ස් විසින් මෙහෙයවනු ලබන ඩෙල්ටා CRJ 900 කලාපීය ජෙට් යානයක් සමඟ එකට ගැටුණු බවයි CNN පුවත් සේවය පවසන්නේ.

නමුත් මෙම ගුවන් යානා ගැටීමෙන් කිසිවකුටත් තුවාල සිදුවී නොමැති අතර ගුවන් යානා දෙකෙහිම මගීන්ව නැවත පර්යන්තයට රැගෙන ගොස් තිබෙනවා.

මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන බවයි ඩෙල්ටා එයාර් ලයින්ස් ප්‍රකාශක ඇන්තනි බ්ලැක් CNN පුවත් සේවයට සඳහන් කර ඇත්තේ.