Connect with us

Local News

කෙහෙළිය තවමත් රෝහලේ අද කොළඹ මහාධිකරණයට

Published

on

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ඊයේ (11) ඇප හිමි වුණා.

නමුත් ඔහු තවමත් බන්ධනාගාර රෝහල්ගතව සිටින බව වාර්තාවනවා.

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා ආනයනය කළැයි කියන සිද්ධියට අදාළ නඩුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයාගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සලකා බලා මෙම තීන්දුව ලබා දෙන බවයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම සඳහන් කළේ.

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා ආනයනය කළ බවට චෝදනා එල්ල වු හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගිය 02 වැනිදා අත්ඩංගුවට ගැනුණු අතර මාස 7 කට ආසන්න කාලයක් ඔහු රක්ෂිත බන්ධනාගාරව සිටියා.

කෙසේ වෙතත් අද කොළඹ මහාධිකරණයේ සහ මහනුවර මහාධිකරණයේ විභාගවීමට නියමිත වෙනත් නඩු කටයුතු නිසා ඔහු තවදුරටත් මෙලෙස බන්ධනාගාර රෝහලේ රැඳී සිටින බව සඳහන්.