Connect with us

Local News

එංගලන්තය පරාජයට පත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (12) දින පස්වරුවේ යළි දිවයිනට පැමිණියා.

ඒ වසර 10 කට පසුව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරගයකදී , එංගලන්තය තුළ දී පරාජයට පත් කිරීමෙන් අනතුරුවයි.

ඔවුන් පස්වරු 02.05 ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ගුවන් තොටුපොළේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා සඳහන් කළේ, තමන් මෙම තරගාවලිය හොදින් නිමා කළ බවත් , මුල් ටෙස්ට් තරග දෙකේදී තම කණ්ඩායමට සුළු අඩුපාඩු කීපයක් නිසා ජයග්‍රහණය අහිමි වී ගිය බවයි.