Connect with us

Local News

ඉන්ධන කෝටාව ගැන තීරණයක්

Published

on

උත්සව සමය වෙනුවෙන් ඉහළ නැංවූ ඉන්ධන කෝටාව එලෙසම පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අද (17) දිනයේදී තීරණය කරන බව බලශක්ති අමාත්‍යංශය පවසයි. පසුගිය 04 වනදා මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබුණි. ත්‍රිරෝද රථ සඳහා වු ලීටර් 5ක කෝටාව ලීටර් 8ක් දක්වාත් යතුරුපැදි සඳහා ලීටර් 4ක ඉන්ධන කෝටාව ලීටර් 7ක් දක්වාත් ඉහළ නැංවීමට බලශක්ති අමාත්‍යංශය පසුගියදා පියවර ගත්තේය. එහිදී බස් රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 40 සිට ලීටර් 60 දක්වාත්, මෝටර් රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 20 සිට ලීටර් 30 දක්වාත්, ලොරි රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 50 සිට ලීටර් 75 දක්වාත්, වෑන්රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 20 සිට ලීටර් 30ක් දක්වාත් ඉහළ දැමුණි. ඉහළ දැමු කෝටාවන් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්නේද නැතහොත් පෙර පැවැති අගයන් යළි ක්‍රියාත්මක කරන්නේද යන්න සම්බන්ධයෙන් තවදුරටත් අවසන් එකඟතාවකට පැමිණ නොමැති බව බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.