රට තුළ ක්‍රියාත්මක දූෂිත ක්‍රමවේදය නැති කිරීමට නම් අධ්‍යාත්මික පරිවර්තනයක් සමාජය තුළ ඇතිවිය යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ, රාගම – තේවත්ත – ජාතික බැසිලිකාවේ අද පස්වරුවේ පැවති රෝගීන් ආශිර්වාද ගැන්වීමේ මංගල්‍යයට එක්වෙමින්.