Connect with us

Local News

අවුරුදු 16ත් 20ත් අතර පාසල් දරුවන්ට අර්ධකාලීන රැකියා කිරීමට අවසර.

Published

on

අවුරුදු 16ත් 20ත් අතර වයසේ පසුවන පාසල් දරුවන්ට පෞද්ගලික සමාගම්වල අර්ධ කාලීන රැකියා අවස්ථා ලබා ගැනීමට හැකිවන පරිදි නීති සංශෝධනය කිරීමට කම්කරු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. විෂය භාර අමාත්‍ය මනූෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී අවධානය යොමු වී
ඇත්තේ, ළමයින් රැකියා කිරීමේ පරිසරයකට හුරු නොවීම නිසා කම්කරු ක්ෂේත්‍රයේ ගැටලු රැසක් මතුව ඇති බවයි. එම නිසා මෙම වයස්වල පසුවන තරුණයන්ට මසකට පැය 20ක කාලයක් අර්ධ කාලීන රැකියා සිදු කිරීමට අවස්ථාව ලබාදීමට යි එහි දී තීරණය වී ඇත්තේ. එම කාලය සඳහා ගෙවීම් සිදු කිරීමට පෞද්ගලික සමාගම්වලට අවසර ලබාදීමට ද නියමිත යි. මේ අතර, පස්වරු 6න් පසු කාන්තාවන්ට සේවයේ යෙදීමට හැකිවන පරිදි සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

Continue Reading