Connect with us

Local News

අනාවැකි පළ කිරීමට වඩා ක්‍රීඩා පිටියේදී හොඳින් ක්‍රීඩා කිරීම වැදගත් – මෙහිදි හසන්ගෙන් පිළිතුරු.

Published

on

අනාවැකි පළකිරීමට වඩා ක්‍රීඩා පිටියේ හොඳින් ක්‍රීඩා කිරීම වඩා වැදගත් බව බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක මෙහිදි හසන් පවසනවා. පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙහිදි හසන් මේ බව ප්‍රකාශ කළා. පසුගිය දා පැවති ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති ආසියානු කුසලාන විස්සයි විස්ස තරගයෙන් අමිහිරි පරාජයක් ලැබීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රකාශ කළේ බංග්ලාදේශය සමඟ පැවැත්වෙන තරගයේ දී හොඳින් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවත්, එම තරගය ශ්‍රී ලංකාවට පහසු තරගයක් වනු ඇති
බවයි. එයට පිළිතුරු වශයෙන් මෙහිදි හසන් කියා සිටියේ, තරගයට පෙර තරගයේ ජයග්‍රහණය පිළිබඳව තමා අනාවැකි පළ නොකරන බවත්, තරගයේ දී පිටියේ දක්ෂතා දක්වන කණ්ඩායමට ඉන් ජය හිමිවන බවත්, දුර්වල කණ්ඩායමක් වුව ද හොඳට ක්‍රීඩා කරන්නේ නම් තරගයේ ජය හිමිවන බවත්, හොඳ කණ්ඩායමක් වුවත් දුර්වල ලෙස ක්‍රීඩා කරන්නේ නම් පරාජය වීමට සිදුවන බවයි. පසුගිය දා ආසියානු කුසලානය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තරග වැදුණු අතර එහි දී ශ්‍රී ලංකාව කඩුළු අටකින් පරාජය වූයේ, ශ්‍රී ලංකා කණ්ඩායමට ලැජ්ජා සහගත පරාජයක් උරුම කර දෙමින්.