Connect with us

Local News

අග්‍රාමාත්‍ය වෛද්‍ය ඒකකය විසිරුවා හරිමින් ගිලන් රථ සහ වෛද්‍යවරු මහජන සේවයට යොදවයි

Published

on

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසිරුවා හැරීමට කටයුතු කර තිබෙනවා.

ඒ, අනවශ්‍ය වියදම් අවම කිරීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයකට අනුවයි.

ඒ අනුව එම ඒකකයේ සේවය කළ වෛද්‍ය නිලධාරින් සහ සේවක පිරිස, සෞඛ්‍ය උපකරණ, ඖෂධ සහ ගිලන් රථ දෙක යළි සෞඛ අමාත්‍යංශය වෙත ලබාදීමට කටයුතු කළ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ඊට අදාළ ලිපි ලේඛන සහ යතුරු අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා වෙත ඊයේ (05) පෙරවරුවේ භාරදීමට කටයුතු කළා.

ඒ අනුව අග්‍රාමාත්‍ය වෛද්‍ය ඒකකය සතු මානව සහ භෞතික සම්පත් සෞඛ්‍ය අමාත්‍යංශයට භාර දීමෙන් අනතුරුව මහජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් භාවිත කිරීමට නියමිතයි.

Continue Reading