Connect with us

Local News

අගමැති දළඳා මැදුරට.

Published

on

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සෙංකඩගල ශ්‍රී දළදා මාළිගය වෙත පැමිණ දළඳා සමිදු වැඳ පුදා ගත්තා.
අද(31) පෙරවරුවේ ශ්‍රී දළඳා මාළිගාව වෙත පැමිණි අභිනව අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමට මැති ඇමතිවරු රැසක් දළඳා මාළිගාවට පැමිණ සිටියා. අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට පැමිණි පළමු අවස්ථාව මෙයයි. දළඳා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, රජය, නීතිය හා සාමය ආරක්ෂා කිරීමට මැදිහත් වන්නේ සමස්ථ ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් බවයි. මෙහි දී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ තරුණයන්ගේ ඉල්ලීම් පිළිගැනීමට රජය සූදානම් අතර ඒ සඳහා ඉදිරි පියවර ගනිමින් සිටින බවයි.