Local News
QR ඉන්ධන ක්‍රමවේදය අහෝසි කෙරේ.
ඉන්ධන නිකුත් කිරීමේදී ඉන්ධන පිරවුම්හල්වලින් මෙතෙක් ක්‍රියාත්මක කරන ලද QR ක්‍රමවේදය අද සිට අහෝසි කර තිබෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ පිළීබඳව ප්‍රකාශ කර තිබෙනවා. මීට වසරකට පමණ පෙර පැවති ඉන්ධන හිඟයත් සමඟ බෙදා හැරීමේ කටයුතු පහසු කිරීම සඳහා මෙම ක්‍රමෝපාය යොදා ගැනීමට බලධාරීන් කටයුතු කරනු ලැබුවා. අදාළ ක්‍රමවේදය පසුගිය කාලය පුරාවටම ඉන්ධන නිකුත් කිරීමේදී ක්‍රියාත්මක වූ අතර මෙම ක්‍රමවේදය සම්බන්ධයෙන් ජනතාව නිරන්තරයෙන් චෝදනා එල්ල කළා.