Connect with us

Local News

21 ඡන්දේ දාන්න මේ ලේඛනවලින් එකක් අරන් යන්න

Published

on

ජනාධිපතිවරණයේ දී සියලුම ඡන්ද දායකයන් සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා තමාට අයත් ඡන්ද පොළ වෙත යනවිට, පහත සඳහන් අනන්‍යතා ලේඛනවලින් එකක් රැගෙන යාම අනිවාර්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

01. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර ඇති ජාතික හැඳුනුම්පත

02. වලංගු විදේශ ගමන් බලපත්‍රය

03. වලංගු රියදුරු බලපත්‍රය

04. රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත (විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ)

05. වැඩිහිටි හැඳුනුම්පත (ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ)

06. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කනු ලබන පූජ්‍ය/පූජක හැඳුනුම්පත

07. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කනු ලබන ජාතික හැඳුනුම්පතේ තොරතුරු තහවුරු කිරීමේ ලිපිය

08. මැතිවරණ කොමිෂන් සභාව මඟින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත

09. ආබාධිත තැනැත්තන් සඳහා මැතිවරණ කොමිෂන් සභව විසින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත

ඉහත හැඳුනුම්පත් අතරින් කවර හෝ එකක් ඉදිරිපත් නොකළහොත් ඡන්ද පොළේ දී ඡන්ද පත්‍රිකාවක් නිකුත් කරනු නොලැබෙන බව අදාළ නිවේදනයේ සඳහන්.

අපහැදිලි හැඳුනුම්පත් (ඡායාරූපයෙන් පුද්ගලයා හඳුනාගත නොහැකි නම් හෝ නම කියවිය නොහැකි ලෙස මැකී ඇත්නම්), අමාත්‍යංශ/දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන මඟින් නිකුත් කර ඇති සේවා හැඳුනුම්පත්, ජාතික හඳුනුම්පත් ඉල්ලුම් කිරීමේ දී නිකුත් කරනු ලබන කුවිතාන්සි ආදී ඡායාරූපය සහිත හෝ රහිත වෙනත් කිසිම ලියවිල්ලක් ඡන්ද පොළේදි පිළි නොගන්නා බව මැතිවරණ කොමිසම පවසනවා.