Connect with us

Local News

ළමා හතියේ ඉහළ යාමක්

Published

on

මේ දිනවල කුඩා දරුවන් අතර ළමා හතිය පැතිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. ඔහු සඳහන් කළේ, එවැනි රෝග ලක්ෂණ ඇති දරුවන් කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගැනීම සුදුසු බව යි. කොවිඩ් ව්‍යාප්තිය වැඩි වීමත් සමඟ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට දරුවන් ඇතුළත් කිරීම ද ඉහළ ගොස් ඇති බව යි විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ. මේ අතර, රෝහල් රැසක ඖෂධ හිඟයක් පවතින බවට පසුගියට දිනවල වාර්තා වුණා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ ප්‍රකාශ කළේ, ඌව පළාතේ සියලු රෝහල්වල මෙම උග්‍ර ඖෂධ හිඟයක් පවතින බව යි.

Continue Reading