Connect with us

Local News

හෙට සිට විදුලි කප්පාදුව දීර්ඝ වෙයි.

Published

on

හෙට (23) සිට 25 වනදා දක්වා දිනකට පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන
උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබේ. පැරණි ලක්ෂපාන බලාගාරයේ අදියර 1 ක්‍රියාත්මක නොවීම, වෙස්ට් කෝස්ට් බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සඳහා ඉන්ධන නොමැතිවීම මෙන්ම විදුලි ඉල්ලුමේ හදිසි ඉහළ යෑම මෙම පියවර ගැනීමට හේතුවී ඇත. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 01ක විදුලි කප්පාදුවක් සිදු
කිරීමට නියමිතය. එම කලාප සඳහා රාත්‍රී කාලයේ දී පැය 1යි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ඇත.