Local News
හිටපු නීතිපති ත්රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක්.
හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අත්අඩංගුවට ගැනීම හෝ නීතිපතිවරයා වශයෙන් සිදුකළ කටයුතු සම්බන්ධයෙන් ඔහුගෙන් ප්රකාශ සටහන් කරගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ත්රස්ත මර්දන කාර්යාංශය ඇතුළු වගඋත්තරකරුවන් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. හිටපු නීතිපති දප්පුල ද ලිවේරා විසින් ගොනුකළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම අතුරු නියෝගය නිකුත් කර තිබෙනවා. පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් හිටපු නීතිපතිවරයා විසින් සිදුකළ ප්රකාශයක් සම්බන්ධයෙන් ප්රකාශ සටහන් කර ගැනීම සඳහා ඔහුව මීට පෙර ත්රස්ත විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබුණා.