Connect with us

Local News

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ලබන 24 වනදා දිවයිනට.

Published

on

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගොස්තු 24 වනදා යළි දිවයිනට පැමිණිමට නියමිත බව රුසියාවේ හිටපු තානාපතිවරයෙකු වන උදයංග වීරතුංග අද ප්‍රකාශ කළා. ඒ ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 07ක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දී ඉන් පිටව යන අවස්ථාවේදියි. කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා යළිත් දේශපාලනයේ නිරත නොවන බවයි උදයංග වීරතුංග අවධාරණය කළේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට තායිලන්තයේ රැඳී සිටිනවා. සිංගප්පූරුවේ රැඳී සිටි හිටපු ජනාධිපතිවරයා පසුගිය 11 වනදා තායිලන්තය බලා පිටත්ව ගියා. ගෝඨාභය රාජපක්ෂට තම රටට ඇතුලුවීම සඳහා අවසර ලබා දී ඇත්තේ මානුෂීය හේතුන් මත බවත් වෙනත් රටක ස්ථිර රැකවරණය ලබාගන්නා තුරු ඔහුට තාවකාලිකව රැඳී සිටිය හැකි බව තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබුණා. මෙරට ජනතාව දැක්වූ විරෝධතා හේතුවෙන් පසුගිය ජූලි 13 වැනිදා මාලදිවයින බලා පිටව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයට යන තෙක් රැදී සිටියේ සිංගප්පූරුවේයි.