Gallery
හැමෝගෙම ප්‍රශ්නවලට උත්තර අරන් ආව දීපිකා – රන්වීර්
දීපිකා පදුකෝන් – රන්වීර් සිං දෙන්නා හරි අපූරු සේයා රූ එකතුවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරලා.
ඡායාරූප එකතුව විශේෂ වෙන්නෙ, මව් පදවියට සැරසෙන දීපිකා සිය කුස මනාව පෙනෙන විදියට ඊට පෙනී ඉන්නා නිසාවෙන්.

තමන් පළමු දරුවා අපේක්ෂාවෙන් පසුවන බව නිල වශයෙන් ම පෙබරවාරි මාසයේදී නිවේදනය කළ පසු, දරුවා ලැබීමට නියමිත සැප්තැම්බර් මාසයේදී බවත් ඔවුන් එහි සඳහන් කරලා තිබුණා.
කොහොම නමුත් ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව, දීපිකා සැප්තැම්බර් 28 වැනිදා මුම්බායිහිදීයි දරුවා ප්‍රසූත කිරීමට නියමිතව ඇත්තෙ.













