Local News
සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී සටනට කංචන පත් කරන්නැයි යෝජනාවක්
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ සෙසු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට යෝජනාවක් ඉදිරිපත්වී ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
අද (19) පැවැති පක්ෂ නායක රැස්වීමේදී අදාළ යෝජනාව ඉදිරිපත්වී ඇති බව සඳහන්.
ඊට හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක් නොවූ බවට ද තොරතුරු වාර්තා වනවා.
මෙවර මහමැතිවරණය සඳහා ගෑස් සිලින්ඩරය ලකුණෙන් තරග කළ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් හිමි වුණා.
ඉන් එක් මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම යෝජනා කිරීමටයි, පක්ෂයේ මහලේකම් ශර්මිලා පෙරේරා මහත්මිය ඊයේ (18) කටයුතු කළේ.
කෙසේ වෙතත් අදාළ තීරණය සම්බන්ධයෙන් පක්ෂ නායකයන් නොදැනුවත්ව බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා කියාසිටියා.
ඒ සම්බන්ධයෙන් අද දින රැස්වී සාකච්ඡා කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.
කෙසේවෙතත් මෙවන් පසුබිමක රවී කරුණානායක මහතාගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කරනු ලැබුවා.