Local News
සියළු නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් කොළඹට.
දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද (23) කොළඹට කැඳවා තිබෙනවා. මාර්තු 20 වැනිදාට පෙර පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මූලික කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සඳහා ඔවුන් කැඳවා ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේ. මේ අතර, ඊයේ දිනයේ දිස්ත්‍රික් ලේකම්වරුන් සමගද මැතිවරණ කොමිසම සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.