Connect with us

Local News

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්.

Published

on

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් නැවත දැනුම්දෙන තුරු ජාත්‍යන්තර පාපන්දු තහනමක් පනවා තිබෙනවා. පසුගිය 14 වෙනිදා ක්‍රීඩා අමාත්‍යංශය විසින් පැවැත්වූ නිලවරණයෙන් පත් වූ නිලධාරී මණ්ඩලය ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් පිළිනොගන්නා තත්වයක් තුළ අදාළ තහනම් නියෝගය දැනුම් දී ඇත්තේ, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු මහ ලේකම් උපාලි හේවගේ වෙතටයි. මෙම තහනමට මුලිකව හේතුව වී ඇත්තේ, තුන්වන පාර්ශවයේ මැදිහත්වීම ලෙස පසුගිය නිලවරණයෙදී ක්‍රීඩා අමාත්‍යවරයා එයට මැදිහත්වීම හා ක්‍රීඩා අමාත්‍යංශය විසින් පොරොන්දු වූ පරිදි පාපන්දු සම්මේලන ව්‍යවස්ථාව සංශෝධනය නොකිරීම හා පොරොන්දු මාර්ග සිතියමට එකඟව ක්‍රියා නොකිරීම බව වාර්තා වනවා. මෙම තහනමට අනුව, ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයෙකුට හෝ නිලධාරියකුට හෝ පුහුණුකරුවෙකුට හා ජාතික කණ්ඩායමට ජාත්‍යන්තර තරග හෝ වෙනත් කිසිවකට සහභාගී වීමට නොහැකි වනවා.