Local News
ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමට අග්‍රාමාත්‍යවරියගෙන් සුබ පැතුම්
2024 ආසියානු නෙට්බෝල් ශූරතාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (14) අග්‍රාමාත්‍ය මෙන්ම ක්‍රීඩා අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවුණා.
එහිදී අග්‍රාමාත්‍යරිය ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් එක් කළ බවයි, එම මාධ්‍ය අංශය නිවේදනය කළේ.
මෙම කණ්ඩායමේ නායකත්වය දුලංගි වන්නිතිලක හට හිමිව තිබෙනවා.
හසිතා මෙන්ඩිස්, රෂ්මි දිව්‍යාංජලී, ගයාංගලී අමරවංශ, තිෂලා අල්ගම, ශානිකා පෙරේරා, ගයානි දිසානායක, ගයාත්‍රි කෟෂල්‍යා, සුසීමා බණ්ඩාර, සචිනි රොද්‍රිගෝ, මල්මි හෙට්ටිආරච්චි සහ චලිනි නීෂා එහි සෙසු ක්‍රීඩිකාවන් වනවා.
මෙම තරගාවලියට සඳහා ආසියානු රටවල් 14ක් නියෝජනය කරන අතර එහි සමාරම්භක උත්සවය ලබන 17 වැනිදා පැවැත්වීමටයි සැලැසුම් කර ඇත්තේ.
තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 27 වැනිදා දක්වා බැංගලෝර් නුවරදී පැවැත්වීමට නියමිතයි.