Connect with us

Local News

විදෙස් ගත ශ්‍රමිකයින්ට ඇදහිය නොහැකි තීරු බදු සහනයක්.

Published

on

විදෙස් ගත ශ්‍රමිකයින් ට හිමිවන තීරු බදු සහනය ඉහළ දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ .
රට තුළ පවතින විදේශ විනිමය අර්බුදයට පිළියමක් වශයෙන් විගමනික ශ්‍රමිකයින් විසින් මෙරටට සිදුකරනු ලබන
ප්‍රේෂණයන් වැඩිකිරීම සඳහා මෙම දිරිගැන්වීම සිදුකර ඇත. ඒ අනුව විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට පැමිණීමේ දී අතිරේක තීරු බදු සහන දීමනාවක් ලබා දීමට හා විදුලියෙන් කරනු ලබන වාහනයක් මිලදී ගැනීම සඳහා එකී විගමනික ශ්‍රමිකයින්ට පහසුකම් සැලසීමට එලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ . මෙතෙක් පැවති ක්‍රමය අනුව දවස් 90ට අඩු කාලයක් විදෙස් ගතවී මෙරටට පැමිණීමේ දී එම පුද්ගලයාට තීරු බදු සහනය ලෙස අමෙරිකානු ඩොලර් 187ක සහනයක් හිමිවේ .

එමෙන්ම දින 90ත් 365ත් අතර කාලයක් විදෙස්ගතව සිට පැමිණෙන අයෙකුට අමෙරිකානු ඩොලර් 625ක තීරු බදු සහනයක් ද වසරකට වඩා වැඩි කාලයකට පසුව මෙරටට පැමිණෙන පුද්ගලයින්ට අමෙරිකානු ඩොලර් 1750ක තීරු බදු සහනයක් ද හිමි වේ . කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසුව වසරක කාලයක් තුළ දී මෙරටට අමෙරිකානු ඩොලර් 2,400ක් පිළිගත් බැංකුවක් හරහා එවා ඇත්නම් එම තැනැත්තා “සිල්වර්” කාණ්ඩයට අයත් වේ . එහිදී දින 90ට අඩු කාලයක් සඳහා අමෙරිකානු ඩොලර් 787ක තීරු බදු සහනයක් ද, දින 90 සිට දින 365ක් දක්වා අමෙරිකානු ඩොලර් 1,252ක් ද වසරකට වැඩි කාලයක් සඳහා අමෙරිකානු ඩොලර් 2,350ක තීරු බදු සහනයක්ද වැඩිකර තිබේ . එමෙන්ම වසරක කාලයක් සඳහා අමෙරිකානු ඩොලර් 4,800ක මුදලක් මෙරටට එවා ඇත්නම් එවැනි පුද්ගලයින් සඳහා දින 90ට අඩු අයට අමෙරිකානු ඩොලර් 1,175ක තීරු බදු සහනයක ද, දින 90ක් හා දින 365ක් අතර නම් අමෙරිකානු ඩොලර් 1,585ක සහනයක් හා දින 365කට වැඩි නම් අමෙරිකානු ඩොලර් 2,710ක තීරු බදු සහනයක් හිමිවේ . වසරකට අමෙරිකානු ඩොලර් 7,200ක් මෙරටට එවා ඇති පුද්ගලයින් “ගෝල්ඩ්” කාණ්ඩයට අයත් වන අතර, දින 90ක කාලයක් සඳහා අමෙරිකානු ඩොලර් 1,627ක තීරු බදු සහනයක් ද, දින 90 සිට දින 365ක් දක්වා අමෙරිකානු ඩොලර් 2,065ක සහනයක් හා දින 3645ට වැඩි නම් අමෙරිකානු ඩොලර් 3,190ක සහනයක් හිමිව තිබේ . එමෙන්ම වසරකට අමෙරිකානු ඩොලර් 12,000ක් එවා ඇති පුද්ගලයින් “ගෝල්ඩ් ප්ලස්”කාණ්ඩයට අයත් අතර දින 90ක් සඳහා අමෙරිකානු ඩොලර් 2,587ක තීරු බදු සහනයක්ද, දින 90 සිට දින 365 දක්වා අමෙරිකානු ඩොලර් 3,025ක තීරු බදු සහනයක්ද දින 365ට වැඩි නම් අමෙරිකානු ඩොලර් 4,150ක තීරු බදු සහනයක් ද හිමි වේ . වසරකට ඩොලර් 24,000ක මුදලක් මෙරට පිළිගත් බැංකුවක් හරහා මෙරටට එවා ඇත්නම් එවැනි පුද්ගලයින් හට දින 90ක් සඳහා ඩොලර් 4,985ක තීරු බදු සහනයක් ද, දින 90 සිට දින 365 දක්වා අමෙරිකානු ඩොලර් 5,425ක තීරු බදු සහනයක් හා දින 365ට වැඩි නම් අමෙරිකානු ඩොලර් 6,550ක තීරු බදු සහනයක් ද හිමි වේ.