Connect with us

Local News

විදුලිබල මණ්ඩලයේ නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නවත්වා දැමේ.

Published

on

විදුලිබල මණ්ඩලයේ නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නතර කර දමන ලෙස දැනුම් දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. මෙම නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 2021 වර්ෂයේදී ආරම්භ කරන ලදී. අමාත්‍යවරයා සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත. එසේම ලබන ජනවාරි මාසයේ සිට විදුලි බිල් සහ ගෙවුම් සහතික, මාර්ගගත ක්‍රමයෙන් පමණක් ලබාදීමට තීරණය කර තිබේ. අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේ විදුලිබල මණ්ඩලයේ වියදම් අඩු කර ගැනීම සහ සේවාවන් කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග මෙන්ම පවතින ගැටළු පිළිබඳවද එහිදී සාකච්ඡා වූ බවය. මේ අතර වීදි ලාම්පු සවි කිරීම සහ ක්‍රියාත්මක කිරීම නියාමනය කිරීමටද එහිදී තීරණය කර ඇත. එසේම දැනට පෞද්ගලික අංශයෙන් සිදුකරන ඇතැම් සේවාවන් විදුලිබල මණ්ඩලයේ සේවකයින් යොදවා සිදු කිරීමට සහ එසේ නොහැකි සේවාවන් අඩු පිරිවැයකට පළාත් පාලන ආයතන මගින් සිදුකිරීමේ වැඩපිළිවෙලක් ඇතුළු වියදම් කළමනාකරණය වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවඳ අදාළ සාකච්ඡාවේදී අවධානයට යොමු වූ බව කංචන විජේසේකර අමාත්‍යවරයා සඳහන් කළේය.