Local News
වසන්ත මුදලිගේ ඇතුළු පිරිස ලබන 27 වනදා දක්වා රිමාන්ඩ්.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිස ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද (24) කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා නියෝග කර සිටියා. ඊයේ (23) වනදා අධ්‍යාපන අමාත්‍යංශයට ඇතුළු වී විරෝධතාවයක නිරතව සිටියදී ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 48 දෙනෙකු සහ ශිෂ්‍යයන් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර ඒ අනුව අද ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.