Connect with us

Local News

වඳවී ගිය ගවරුන් යළි ලංකාවට.

Published

on

බොහෝ කලකට පෙර මෙරටින් වඳවී ගිය බවට සැලකෙන ගවරුන් හෙවත් ඉන්දීය බයිසන් ගවයන් යළි මෙරටට ලබාදීමට ඉන්දීය රජයේ අවධානය යොමුව තිබෙනවා. ද හින්දු පුවත්පත වාර්තා කර ඇත්තේ ඉන්දීය විදේශ අමාත්‍යාංශයට ඒ සඳහා වන ඉල්ලීමක් මෙරට බලධාරින් විසින් සිදුකර ඇති බවටයි. ඒ අනුව, ඉන්දීය විදේශ අමාත්‍යාංශය එම ඉල්ලීම සලකා බැලීම සඳහා එරට පරිසර හා වනාන්තර අමාත්‍යාංශය වෙත යොමුකර තිබෙනවා.

Continue Reading