Connect with us

Local News

ලෝක ජනගහන අරමුදලෙන් සහ ජපන් රජයෙන් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක්.

Published

on

ලෝක ජනගහන අරමුදල හා ජපන් රජය එක්ව මෙරටට අත්‍යාවශ්‍ය ඖෂධ හා උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්‍රදානය කර තිබෙනවා. ඒ සඳහා ලෝක ජනගහන අරමුදල ඇමරිකානු ඩොලර් ලක්ෂ තුනක් සහ ජපන් රජය ඇමරිකානු ඩොලර් 72,000 ක් වැය කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ක්ෂේත්‍රයේ දී කාන්තාවන් හට අත්‍යාවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ සහ උපකරණ එම තොගයට අයත් වනවා.