Connect with us

Local News

රාජාංගනයේ වාන් දොරටු 10ක් විවෘත කරයි

Published

on

අයහපත් කාලගුණය හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු 10ක් විවෘත කර තිබේ.

අප වාර්තාකරු පවසන්නේ අධික වැසි තත්ත්වය නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයට දැඩි බලපෑමක් ඇතිවී තිබෙන බවය.

රාජාංගනය ජලාශයේ වාන් දොරටු 10 විවෘත කිරීමට තුළින් තප්පරයට ගණ අඩි 11,800ක ජල ධාරිතාවක් කලා ඔයට මුදාහැරෙන බවද වාර්තා වෙයි.

මේ අතර අංගමුව ජලාශයේ වාන් දොරටු වසා තැබීමටද කටයුතු කර තිබේ. 

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින්කඩ අධික වැසි ඇදහැලීම හේතුවෙන් නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමමින් පවතී.

කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් එම ජලාශය ද පිටාර මට්ටමට ඉතා ආසන්න වෙමින් පවතින බව ජලාශ භාර ඉංජිනේරු නිලධාරීන් පැවසීය.

එම ජලාශ දෙකේම ජල මට්ටම ඉහළ යාමත් සමග විමලසුරෙන්ද්‍ර, කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන සහ පොල්පිටිය ජලවිදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව ජලවිදුලි බලාගාර භාර ඉංජිනේරුවන් සඳහන් කරයි.

නාච්චාදුව ජලාශයේ සියලුම වාන් දොරටු විවෘත කිරීම නිසා මල්වතු ඔය දෙපස පහත්බිම්වල ජනතාව දැඩි අවධානයෙන් සිටින්නයි වාරි ඉංජිනේරු නිලධාරිනිය දැනුම්දී තිබේ.

මේ අනුව ඉන් තප්පරයට ගණ අඩි 2,140ක  ජල ධාරිතාවයක් මල්වතු ඔයට මුදාහැරෙයි.  

එහි වාන් දොරටු දෙකක් අඩි 2 බැගින්, තවත් වාන් දොරටු දෙකක් අඩි 3 බැගින් සහ අනෙක් වාන් දොරටු දෙක අඩි 4 බැගින් විවෘත කර ඇත.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *