Local News
රාජ්‍ය සේවයේ ආරවුල් වැළැක්වීමට සහ නිරාකරණයට අලුත් ක්‍රමවේදයක්
රාජ්‍ය අංශයේ ආරවුල් වැළැක්වීම සහ ආරවුල් නිරාකරණය සඳහා යාන්ත්‍රණයක් හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ, 2023.11.20 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදියි.
ඒ අනුව ආරවුල් නිරාකරණය කිරීම සඳහා වන යාන්ත්‍රණය, සමස්ත රාජ්‍ය සේවය තුළ ක්‍රියාත්මක කිරීම පිණිස රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 05/2024 යටතේ නිකුත් කර ඇති බව සඳහන්.
මෙම අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තාක්ෂණික සහ විශේෂඥ සහාය ලබා ගැනීමට අනුමැතිය ලබා දී ඇති අතර එකී යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්ගේ සාමය ගොඩනැඟීමේ අරමුදලින් ව්‍යාපෘති ආධාර ඉල්ලා තිබෙනවා.
ඒ අනුව ‘ශ්‍රී ලංකාවේ සාමය සහ අර්බුද වැළැක්වීම සඳහා සමාජ සංවාදය’ නමැති නව ව්‍යාපෘතිය යටතේ ‘රාජ්‍ය සේවයේ සමාජ කතිකාවත වැඩසටහන’ සහ ‘පෞද්ගලික හා අවිධිමත් ආර්ථික අංශ දෙකෙහි සමාජ කතිකාවත ප්‍රවර්ධන වැඩසටහන’ යනුවෙන් වැඩසටහන් දෙකක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 02ක් ලබා දී ඇති බව සඳහන්.
එකී වැඩසටහන් අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ ලේකම්ගේ සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකගේ සම සභාපතිත්වයෙන් යුත් අන්තර් සමායෝජන කමිටුවක් මගින් සම්බන්ධීකරණය කරමින් 2024-2026 කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව සඳහන් කරමින් අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ කරුණු අමාතය මණ්ඩලය විසින් සැළකිල්ලට ගෙන තිබෙනවා.