Connect with us

Local News

මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

Published

on

මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ස්වකීය ජන්ම භූමිය වූ කිඹුල්වත් පුරයට වැඩම කිරීම ආරම්භ කළේ මැදින් පුර පසළොස්වක පෝය දිනයේ බවයි සඳහන් වන්නේ. යසෝධරා දේවිය උදෙසා චන්දකින්නර ජාතකය (සඳකිඳුරු ජාතකය) දේශනා කිරිම, රාහුල කුමාරයා සහ නන්ද කුමාරයා පැවිදි කරවීම, එමෙන්ම දහම් අවබෝධ ලබාගත් ආනන්ද, අනුරුද්ධ, දේවදත්ත යන තරුණ කුමාරවරු සහ උපාලි නමැති කරණවෑමියා පැවිදි බිමට පත්වීම, මහා ප්‍රජාපතී ගෝතමි දේවිය සෝවාන් ඵලයට පත්වීමද අද වැනි දිනක සිදුවී ඇති බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ. අදට යෙදී තිබෙන මැදින් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් රට පුරා සෑම විහාරස්ථානයකම ආමිස සහ ප්‍රතිපත්ති පූජා රැසක් සංවිධාන කර තිබෙනවා.

Continue Reading