Local News
මැතිවරණ පැමිණිළි දැනට 400ත් පනී
එළඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව වාර්තා වන මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව මේ වනවිට 408ක් දක්වා ඉහළගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ගතවු පැය 24 තුළ පැමිණිලි 42ක් වාර්තා වී ඇති අතර මැතිවරණ නීතිරීති උල්ලාංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 37ක් සහ වෙනත් පැමිණිලි 05ක් ඒ අතර වනවා.
එහිදී ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 20ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථාන වලට පැමිණිලි 22ක් ලැබී ඇති බව සඳහන්.