Connect with us

Local News

මැතිවරණ දිනය අප්‍රේල් 25 වනදා ලෙස නියම කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කෙරේ.

Published

on

පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වනදා පැවැත්වීමට දින නියම කරමින් තේරීම්භාර නිලධාරීන් විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි එක් එක් තේරීම්භාර නිලධාරියා විසින් අංක 2322/28 සිට 2322/52 දක්වා වූ අති විශේෂ ගැසට් පත්‍ර මගින් මැතිවරණය පැවැත්වීමට දින නියම කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම පවසන්​නේ. එසේම තැපැල් ඡන්ද පත්‍රිකා දින 5ක් තුළ හා අනෙකුත් ඡන්ද පත්‍රිකා දින 20-25ක් අතර මුද්‍රණය කර මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදිය හැකි බව‌ට රජයේ මුද්‍රණලයාධිපතිනිය දන්වා සිටි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.