Connect with us

Local News

මහනුවර නගරයේ පාසල් දින තුනක් වසා දැමීමට තීරණයක්.

Published

on

මහනුවර නගර සීමාවේ ඇති සියලු රජයේ පාසල් දින තුනක් වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව 28, 29 සහ 31 යන දිනවල මෙලෙස පාසල් වසා දැමීමට තීරණය කර ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා ප්‍රකාශ කළා. පාසල් වසා තැබෙන දින තුන වෙනුවට සෙනසුරාදා දින තුනක් පාසල් පැවැත්වීමට නියමිතයි. ඇසළ පෙරහර නැරඹීමට විශාල ජනගහණයක් මහනුවර නගරයට පැමිණීම හේතුවෙන් නගරය තුළ ඇති වී තිබෙන අධික රථවාහන තදබදය හේතුවෙන් පාසල් සිසුන් අපහසුතාවට ලක් වීම නිසා මෙම තීරණය ගත් බව සඳහන් වනවා.