Connect with us

Local News

මනූෂ වෙනුවට බන්දුලාල් පාර්ලිමේන්තුවට!

Published

on

මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ‍ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) ලබාදුන් තීන්දුවත් සමඟ ඔවුන්ගේ මන්ත්‍රී ධූරද අහෝසි වන බව සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියයි.

ඒ අනුව මනූෂ නානායක්කාර මහතාගේ මන්ත්‍රී ධූරය සඳහා සජබ ගාල්ල දිස්ත්‍රික් මනාප ලයිස්තුවේ ඊළගට සිටින බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා නම්කර යැවීමට නියමිත බවද පැවසේ.

හරීන් ප්‍රනාන්දු මහතාගේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය වෙනුවට පත් කරන තැනැත්තා සම්බන්ධයෙන් පක්ෂය සමග සාකච්ඡා කොට තීන්දුවක් ගන්නා බවද සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කීය.

මේ අතර, අද පස්වරුවේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මනූෂ හා හරීන් පවසා සිටියේ සිය අමාත්‍ය ධූර වලින් ඉවත් වන බවයි.

Continue Reading