Connect with us

Local News

මන්කිපොක්ස් පරීක්ෂාවට ශ්‍රී ලංකාවත් සූදානම්.

Published

on

වඳුරු උණ රෝගය හඳුනාගැනීමේ පරීක්ෂණ කට්ටල ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙරටට ලබාදීම ඊයේ (04) සිදු කෙරුණා. ඉදිරියේ දී මෙම පරීක්ෂණ කට්ටල රට පුරා ස්ථානගත කර නියැදි පරික්ෂා සිදු කිරීම් ආරම්භ කිරීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි සඳහන් කළේ. කොළඹ හා මහනුවර ඇතුළු ස්ථාන කිහිපයක ස්ථාපිත කරන පරීක්ෂණ මධ්‍යස්ථාන හරහා රෝග ලක්ෂණ සහිත රෝගීන්ගේ නියැදි පරික්ෂා කිරීමට අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.