Local News
බූස්ස අධි ආරක්ෂිතයේ වාට්ටුවලින් ෆෝන්, සිම් සහ හෙරොයින් සොයා ගනී
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාර තුළ පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් සිදුකළ හදිසි සෝදිසි කිරීමකදී ඉතා ඉහළ වටිනාකමක් ඇති ජංගම දුරකථන ඇතුළු උපාංග විශාල ප්‍රමාණයක්, හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය තිබී හමූවී තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය බූස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම හදිසි වැටලීම සිදුකර තිබුණා.
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ පැරණි අංශයේ A, B, C හා D යන වාට්ටු තුළ මෙම හදිසි සෝදිසි කිරීම සිදුකර ඇති බව සඳහන්.
එහි දී පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් ජංගම දුරකථන 11 ක්, සිම්පත් 13 යි, චාජර්, පොකට් රවුටර්, එම අමතර බැටරි, ඩේටා කේබල්, Adapter හා තවත් උපකරණ තොගයක් සොයාගෙන තිබෙනවා.
හෙරොයින් ග්රැම් 03යි මිලි ග්රැම් 150 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01ක්, දුම් කොල කැබලි සොයාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දීමටයි කටයුතු කර ඇත්තේ.