Local News
බිත්තරයේ අලුත් මිළ
පසුගිය දිනවල අතිශ්‍යය කතාබහට ලක් වුණ බිත්තරයේ මිල ගැන ඇසෙන අලුත්ම කතාවක් තමයි මෙ කියන්න යන්නේ…
බිත්තරයක් රුපියල් 41 ට අඩුවෙන් සිල්ලර මිලට අලෙවි කිරීමට හැකි වන පරිදි වෙළඳ පොළට බිත්තර නිකුත් කර තිබෙනවා..
ඊට බිත්තර නිෂ්පාදනය කරන සංගම් නියෝජිතයන් එකගතාවය පළ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියා සිටියා..
බිත්තර නිෂ්පාදනය කරන සංගම් නියෝජිතයන් සමග වෙළඳ අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී මීට එකඟතාව පලවූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් පැවසුවා..
දැනට දිනක බිත්තර නිෂ්පාදනය ලක්ෂ 85 දක්වා ඉහළ ගොස් ඇති බවත් ගොවිපොළෙන් බිත්තරයක් රුපියල් 35,36 තොග මිලට නිකුත් කරන බවද මෙහිදී පවසා තිබුණා..
කෙසේ වෙතත්, සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසන්නේ මේ වනවිට වෙළඳ පොළේ බිත්තරයක් රුපියල් 45 ට අඩුවෙන් සිල්ලර මිලට ලබා ගත හැකි බවයි…