Local News
බක් පුර පසළොස්වක පොහොය දිනය අද.
බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූයේ, බක් පුර පසළොස්වක පොහොය දිනයක වන අතර චූලෝදර සහ මහෝදර නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කළ බවට ඉතිහාසයේ සඳහන් වනවා. එමෙන්ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලෙකු දැක ඇත්තේ ද බක්පුර පසළොස්වක පොහෝ දිනකයි. පොහොය දිනය වෙනුවෙන් අද උදෑසන සිටම දිවයිනේ වෙහෙර විහාරස්ථානවල ආමිස හා ප්රතිපත්ති පූජා රැසක් පැවැත්වෙනවා.