Local News
පොහොර සහනාධාරය ලබන අඟහරුවාදා වනවිට
ගොවීන් සඳහා ලබාදීමට සැලසුම් කර ඇති පොහොර සහනාධාරය ලබන අඟහරුවාදා වනවිට ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
ඒ අනුව පළමුව අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත මුදල් යොමු කිරීමට කටයුතු කරන බව එහි ලේකම් M.P.N.M. වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ඒ සඳහා අදාළ මුදල් ඊයේ (09) භාණ්ඩාගාරයෙන් ලැබුණු බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.