Connect with us

Local News

පූජ්‍ය අඹගස්වැව රාහුල හිමියෝ අපවත් වෙති

Published

on

ඓතිහාසික රංගිරි – දඹුලූ රජමහා විහාර සහ ශ්‍රී  විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක දඹුල්ල මැද පන්සලයෙහි අධිපති සිරි වළගම්බා මහා පිරිවෙන් අධ්‍යක්ෂ සද්ධර්ම කීර්ති ශ්‍රී චන්ද්‍රජෝති  අඹගස්වැවේ ශ්‍රී රාහුල නාහිමියන් කොළඹ පෞද්ගලික රෝහලකදී (19) අපවත් වී තිබේ.

උන්වහන්සේගේ දේහය පිළිබඳව අවසන් කටයුතු පසුවට දැනුම්දෙන බව විහාරස්ථ දායක සභාව පවසති.

අපවත් වන විට උන්වහන්සේ 63 වන වියේ පසුවිය.

1961 වසරේ ජූලි මස 13 වැනි දින දඹුල්ල දිසා රෝහලේදී උපත ලද උන්වහන්සේ කුඩා අවදියේම ඓතිහාසික රංගිරි – දඹුල්ල රජමහා විහාර මැද පන්සලේ පැවිදි දිවියට එක්ව තිබේ.

එදා සිට අපවත් වන කාලය දක්වාම උන්වහන්සේ දඹුලු පුරවරයට පමණක් නොව මුළු මහත් සමාජයටම විශාල සමාජීය ආගමික සේවාවන් රැසක් ඉටු  කිරීම විශේෂත්වයකි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අඹගස්වැව නම් වූ ග්‍රාමයේ උපත ලද උන්වහන්සේ අපවත් වන විට ඓතිහාසික රංගිරි – දඹුලූ රජමහා විහාරයේ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාරත්වය උසුලන්නට විය.

අඹගස්වැවේ රාහුල නාහිමියන් 1982 ජුනි මස 26 වන දින උපසම්පදාව ලබා ගත්හ.

ඓතිහාසික රංගිරි – දඹුලු රජමහා විහාර මැද පන්සල ,අතුපාරයාය ශ්‍රී බෝධිරුක්ඛාරාමය, ඇතාබැඳි වැව ශ්‍රී බෝධිරුකාරාමය, කිරලගොල්ල විජය ශ්‍රී සුබෝධාරාමය ,පහළ වැව කළුපාලම ශ්‍රී බෝධිරුක්කාරාමය, ඉබ්බන්කටුව ගංගාරාමය, කිරල ගොල්ල අශෝකාරාමය ආදී විහාර ගණයේ විහාරස්ථාන රැසක විහාරාධිපති හිමියන් ලෙසද උන්වහන්සේ ශාසනික මෙහෙවරක නිරත වූහ.

Continue Reading