Local News
ප්‍රදේශ කිහිපයකට නායයාමේ රතු නිවේදන
පවතින අධික වර්ෂාවත් සමග මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, උඩුනුවර, උඩුදුම්බර, දොළුව, පහතහේවාහැට, හාරිස්පත්තුව, පාතදුම්බර, යටිනුවර, දෙල්තොට, ගඟවට කෝරලය, උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නාය යෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නාය යෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර ඇත්තේ, වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටයි.
මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, අඹන්ඟඟකෝරලය, නාවුල, විල්ගමුව, යටවත්ත, පල්ලේපොල සහ මාතලේ, රත්තොට, ලග්ගල සහ පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද නාය යෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කළ බවයි ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.
මීට අමතරව බදුල්ල, කෑගල්ල, කුරුණෑගල, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද නාය යෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මෙම ප්‍රදේශවල බෑවුම් ප්‍රදේශ ආශ්‍රිතව ජීවත්වන ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙසයි ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය දැනුම් දුන්නේ.