Connect with us

Local News

පක්ෂ රැසක්ම අද (09) දිනයේත් නාමයෝජනා අත්සන් තබයි

Published

on

ඉදිරි මහ මැතිවරණය සඳහා තරග වදින ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක්ම අද (09) දිනයේත් නාමයෝජනා පත්‍රවලට අත්සන් තැබීය.

ඒ් අනුව ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් මේ වනවිට නාම යෝජනා භාර දී තිබේ.

ජාතික ජන බලවේගය සිය නාමයෝජනා පත්‍රවලට අත්සන් තැබුවේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදීය.

සමගි ජන සන්ධානය නාමයෝජනා පත්‍රවලට අත්සන් තැබීම සිදුකළේ කොළඹ පිහිටි එම සන්ධානයේ කාර්යාලයේදීය.

ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ තරග වදින නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණත් අද සිය නාමයෝජනා පත්‍රවලට අත්සන් තැබීය.

ඒ් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ මල් පාරේ පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් නාමයෝජනා පත්‍රවලට අද අත්සන් තැබුවේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේදීය.

මේ අතර මහ මැතිවරණයට අදාල තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීමේ කාලය හෙට මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වීමට නියමිතව තිබේ.

මේ අතර මහමැතිවරණය සදහා විදේශීය මැතිවරණ නීරීක්ෂකයින් රැසකට ආරාධනා කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව ජනාධිපතිවරණයේ නිරීක්ෂණය සඳහා පැමිණි සාක් කලාපීය රටවල නිරීක්ෂකයින් සහ රුසියාව ඇතුළු රටවල් 08ක නියෝජිතයින් මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

එමෙන්ම යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් මේ වනවිටත් මහ මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා පැමිණීමට මැතිවරණ කොමිසමෙන් අවසර ඉල්ලා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

මේ අතර මහ මැතිවරණයේ කටයුතු නිරීක්ෂණය සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයින් සහ ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නිරීක්ෂකයින් ද මෙරටට පැමිණීමට නියමිත බව සඳහන්ය. 

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *