Connect with us

Local News

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය නැවත ජාතික පද්ධතියට

Published

on

හදිසියේ අක්‍රීය වු නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය යළි ජාතික පද්ධතිය හා එක් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනි කියා සිටියේ ඒ අනුව මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ඊයේ පස්වරුවේ සිට ජාතික පද්ධතියට මෙලෙස එක් කළ බවයි. පළමු ජනන යන්ත්‍රය අක්‍රිය වීම සහ දෙවන ජනන යන්ත්‍රය අලුත්වැඩියාවක් හේතුවෙන් නවතා දැමීම හේතුවෙන් පසුගිය 15 වනදා සිට මේ දක්වා දිනකට පැය 3 ක කාලයක් විදුලි කප්පාදුවක් කෙරුණා.