Connect with us

Local News

නීති විරෝධී මැතිවරණ පෝස්ටර් හාර ලක්ෂයකට අධික ප්‍රමණයක් ඉවත් කරයි

Published

on

මේ දක්වා කාල සීමාව තුළ නීති විරෝධී මැතිවරණ පෝස්ටර් හාර ලක්ෂ 36,000කට අධික ප්‍රමාණයක් ඉවත් කර ඇති බව පොලිසිය පවසනවා.

නීති විරෝධී බැනර් සහ කටවුට් 2,400කට වැඩි ප්‍රමාණයක් පොලිසිය විසින් මේ වන විට ඉවත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරනවා.

මේ දක්වා මැතිවරණ කාල සීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන්වලට අදාළව පුද්ගලයින් 65 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.