Connect with us

Local News

නීතිවිරෝධීව ඉන්ධන තොග රැස්කිරීම සහ අලෙවි කිරීමේ වරදට 33 ක් අල්ලයි.

Published

on

පසුගිය පැය විසි හතරක කාලය තුළ ඉන්ධන තොග රැස්කිරීම්, ගබඩා කිරීම් සහ අලෙවි කිරීම් සම්බන්ධයෙන් දිවයින පුරා වැටලීම් 31 ක් සිදුකර, සැකකරුවන් 33 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එහිදී පෙට්‍රල් ලීටර 1,108 ක් සහ ඩීසල් ලීටර 1,441 ක් මෙන්ම භූමිතෙල් ලීටර 9 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි.