Local News
නිවැරදිව ඡන්දය සලකුණු කරන්නේ මෙහෙමයි
ඡන්ද පත්‍රිකාව නිවැරදිව සලකුණු කිරීමෙන් ඔබේ ඡන්දය වලංගු ඡන්දයක් බවට පත්වනවා.
ඔබේ ඡන්දය නිවැරදිව සලකුණු කරන්නේ කෙසේද ?
- තමන් කැමති අපේක්ෂකයාගේ නම සහ ලකුණ ඉදිරියෙන් වෙක්කර ඇති කොටසෙහි 1 ඉලක්කම සලකුණු කරන්න.
- ඉන්පසු 2 හා 3 ඉලක්කම් සලකුණු කිරීමෙන් ඔබේ දෙවන හා තෙවන මනාප දැක්විය හැකියි.
- තුන්වන මනාපය සලකුණු කර නොමැති වුවද, නිසියාකාරව එක් අපේක්ෂකයන් දෙදෙනෙක් වෙනුවෙන් සලකුණු කළ ඡන්ද දෙකක් වේනම් එය වලංගු ඡන්දයක් වනවා.
- ඡන්ද දායකයෙකු (x) ලකුණු කිරීම වැනි තම චේතනාව පැහැදිලිව පෙන්නුම් කරන යම් සලකුණක් ඡන්ද පත්‍රිකාවේ තැබුවහොත් එය අපේක්ෂකයාට ලබාදුන් ඡන්දයක් ලෙස සලකනු ලබනවා.