Connect with us

Local News

නානුඔයේදී බිහිසුණු රිය අනතුරක්.

Published

on

නුවරඑළිය – නානුඔය ප්‍රදේශයේදී අද (20) පස්වරුවේ දරුණු රිය අනතුරක් සිදු වුණා. විනෝද චාරිකාවක් සඳහා ගිය පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් අද (20) පස්වරුවේ එම අනතුර සිදුවී තිබුණා. නානුඔය ප්‍රදේශයේදී සිදුවූ එම රිය අනතුරෙන් 07 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි. බස් රථයේ ගමන් කළ පාසල් ළමුන් 41ක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අනතුරෙන් මියගොස් ඇත්තේ වෑන් රථයේ සිටි 06 දෙනෙකු සහ ත්‍රීවිල් රථයේ සිටි පුද්ගලයෙකි. අනතුරට පත් පාසල් බස් රථයේ ගමන් කර ඇත්තේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ දරුවන් පිරිසකි.

Continue Reading